මැදපෙරදිග කලාපය පුරා ඇවිළෙන ඉරාන-අමෙරිකානු මහා යුද්ධය අද (03) දිනය වන විට අතිශය භයානක සහ තීරණාත්මක මට්ටමකට වර්ධනය වෙමින් පවතිනවා.
අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ධවල මන්දිරයේ සිට විශේෂ ප්‍රකාශයක් සිදු කරමින් අවධාරණය කරන්නේ, ඉරාන පාලනය සතු න්‍යෂ්ටික වැඩසටහන සහ මිසයිල බලය මුළුමනින්ම විනාශ කිරීම තම මෙහෙයුමේ මූලික ඉලක්කය බවයි.
“මහා ප්‍රහාරක රැල්ල” (The Big Wave) ඉදිරි පැය කිහිපය තුළ එල්ල වීමට නියමිත බව පවසන ජනාධිපතිවරයා, මෙම හමුදා මෙහෙයුම තවත් සති හතරක හෝ පහක කාලයක් අඛණ්ඩව ක්‍රියාත්මක විය හැකි බව පවසනවා.
