ඊශ්‍රායල් – අමෙරිකානු ඒකාබද්ධ ගුවන් ප්‍රහාරයෙන් බරපතළ තුවාල ලබා සිටි ඉරානයේ හිටපු උත්තරීතර නායක අයතුල්ලා අලි කමේනිගේ බිරිඳ වන මන්සූරේ කොජාස්ටේ බගර්සාදේ (Mansoureh Khojasteh Bagherzadeh)ද අද (03) මියගොස් තිබෙනවා.
ඒ බව විදෙස් මාධ්‍ය වාර්තා කර ඇති අතර ඉරානය ද එම පුවත තහවුරු කර තිබෙනවා.
එම ගුවන් ප්‍රහාරවලින් සිදු වූ බරපතළ තුවාල හේතුවෙන් රෝහල්ගත කළ ඇය එහි කෝමා තත්ත්වයකින් පසුවූ බවත්, ඇය අද ජීවිතක්ෂයට පත්වූ බවත් විදෙස් මාධ්‍ය පවසා තිබුණා.
මෙම මාරාන්තික ප්‍රහාරයෙන් අලි කමේනිගේ දියණිය, බෑණා, ලේලි, මුණුපුරා, මිණිබිරිය ඇතුළු තවත් කිහිපදෙනෙකු මියගිය බව මීට පෙර වාර්තා වුණා.
