මැදපෙරදිග කලාපයේ උද්ගතව ඇති තත්ත්වය සම්බන්ධයෙන් සියලු පාර්ශ්ව සම්බන්ධිකරණය සඳහා විදේශ කටයුතු විදේශ රැකියා සහ සංචාරක අමාත්‍යාංශය හදිසි ප්‍රතිචාර ඒකකයක් ස්ථාපනය කර තිබෙනවා.
එම ඒකකය හා සම්බන්ධ වීමෙන් ඕනෑම පුද්ගලයෙකුට තම ඥාතීන් සහ හිතවතුන් පිළිබදව තොරතුරු විමසා බැලිය හැකියි.
මැදපෙරදිග කලාපයේ ජීවත්වන සහ විවිධ රැකියාවන් හි නිරත ශ්‍රි ලාංකිකයින්ගේ ආරක්ෂාව සහතික කිරීමේ රජය සතු ප්‍රමුඛ වගකීම සැලකිල්ලට ගනිමින් නව ඒකකය පිහිටුවා තිබෙනවා.
අර්බුදය හමුවේ මෙරට රැදී සිටින විදේශිකයින්ගේ අවශ්‍යතා සොයාබැලීමද එහි තවත් අරමුණක්.
සති අන්තයද ඇතුළුව සෑම දිනකම පෙරවරු 8.00 සිට රාත්‍රී 8.00 දක්වා ක්‍රියාත්මක වන මෙම ඒකකය ඇමතිය හැකි දුරකතන අංක සහ අන්තර්ජාල සබඳතාවන් ප්‍රකාශයට පත්කර තිබෙනවා.
ඒ අනුව 0117 44 56 41 සහ 0112 20 72 50 යන දුරකථන අංක ඔස්සේත්, 0777 18 95 52 යන වට්ස්ඇප් අංකය ඔස්සේත්, [email protected] යන ඊමේල් ලිපිනය ඔස්සේ මෙම ඒකකයෙන් තොරතුරු විමසිය හැකියි.
එමෙන්ම 074 25 95 546 ඔස්සේ විදේශ අමාත්‍යාංශයේ කොන්සියුලර් අංශයත්, 071 98 02 822 හා 1989 යන දුරකතන ඔස්සේ ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයත් අමතා තොරතුරු ලබාගත හැකි බව, විදේශ කටයුතු අමාත්‍යාංශය දැනුම් දෙනවා.
