මැදපෙරදිග මතු වී ඇති තත්වය සමනය කිරීම සඳහා මැදිහත් වීමට සූදානම්බව, ඉන්දුනීසියානු රජය නිවේදනය කරනවා. ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයක දැක්වෙන්නේ, දෙපාර්ශ්වයම ඒ සඳහා සූදානම් නම්, ඊට පහසුකම් සැලසීම සඳහා ඉන්දුනීසියානු ජනාධිපතිවරයා ටෙහෙරාන් බලා යාමට සූදානම් බවයි.
ගැටුමට යොමු වී සිටින සියලු පාර්ශ්ව ඉන් ඉවත් වී සාකච්ඡාමාර්ගය තෝරා ගත යුතු යැයි, ඉන්දුනීසියානු විදේශ අමාත්‍යාංශය නිකුත් කළ නිවේදනයේ සඳහන්. දින 4 ක් පැවති ගැටුම්වලින් ඉරානයේ 787 දෙනෙකු මිය ගොස් ඇතැයි, රතු අඩ සංවිධානය අද නිවේදනය කළා. ඇතැම් මානව හිමිකම් සංවිධාන පෙන්වා දෙන්නේ, මිය ගිය සිවිල් වැසියන් 742 දෙදෙනෙකු අතර ළමුන් 176 දෙනෙක් සිටින බවයි. ඉරානයේ රෝහල් 9 ක් ද ගුවන් ප්‍රහාරවලට ගොඳුරු වී තිබෙනවා.
