රජය මෙරට නව පරිවර්තනීය යුගයක් කරා රැගෙනයාමට විශාල වැඩකොටසක් සිදුකරමින් සිටින බව, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පවසනවා.
ඒ නව යුගය වෙනුවෙන් ස්වාමීන්වහන්සේලාගේ මෙන්ම ආගමික නායකයන්ගේ මගපෙන්වීම සහ අනුශාසනා රජයට ඉතා වැදගත් බවයි, බුත්තල පසුගියදා පැවැති උත්සවයක් අමතමින් අග්‍රාමාත්‍යවරිය කියා සිටියේ.
ඌව වෙල්ලස්ස සහ නැගෙනහිර යන පළාත්වල සංඝනායක පදවියෙන් පිදුම් ලැබූ පූජ්‍ය ගංගොඩගම විමලරතන හිමියන්ට ඒ පිළිබද සන්නස් පත්‍ර පිරිනැමීම වෙනුවෙන් උත්සවය සංවිධාන කර තිබුණේ. ඒ බුත්තල සංස්කෘතික මධ්‍යස්ථානයේදී.
අග්‍රාමාත්‍යවරිය අභිනව නායක ස්වාමීන් වහන්සේ වෙත සන්නස් පත්‍රය පිළිගන්වනු ලැබුවා. විජිනිපත උන්වහන්සේ වෙත පූජාකලේ ඌව පළාත් ආණ්ඩුකාර නීතිඥ කපිල ජයසේකර මහතායි.
