ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් A 320 එයාර් බස් වර්ගයට අයත් යානයෙන් මගීන් 47 දෙනෙකු සහ යානා කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකු ගමන් කර තිබෙනවා. සාජා බලා පිටත්ව ගිය එයාර් අරබියා ගුවන් සේවයට අයත් යානය මගීන් 44 දෙනෙකුගෙන් සහ කාර්ය මණ්ඩල සාමාජිකයන් 10 දෙනෙකුගෙන් සමන්විතයි
මැදපෙරදිග යුද ගැටුම් ආරම්භවීමෙන් පසු එම කලාපයට අත්හිටුවා තිබූ ගුවන් ගමන් යළි ආරම්භ කර තිබෙනවා. ඒ අනුව ෆිට්ස් එයාර් ගුවන් සේවයට අයත් යානයක් සහ එයාර් අරබියා ගුවන් සේවයට අයත් යානයක් ඊයේ පස්වරුවේ කටුනායක ගුවන් තොටුපොළින් ඩුබායි සහ සාජා බලා පිටත්ව ගියා.
