අනතුරට ලක්වූ ඉරාන නෞකාව

නාවික හමුදාව ගාල්ල වෙරළට ඔබ්බෙන් වූ මුහුදු ප්‍රදේශයේදී අනතුරට ලක්වූ යාත්‍රාවක් මුදාගැනීමේ මෙ‍හෙයුමක් ආරම්භ කර තිබෙනවා. ඒ එම යාත්‍රාවෙන් ලැබුණු හදිසි පණිවුඩයකට අනුවයි.  ගාල්ල වෙරළ තීරයේ සිට නාවික සැතපුම් 40 ක් පමණ දුරින් පිහිටි මුහුදු ප්‍රදේශයේදී නෞකාව අනතුරට ලක්ව තිබෙනවා.

අනතුරට ලක්වූ මෙම යාත්‍රාව ඉරානයට ‍අයත් එකක් බව හදුනාගෙන ඇති අතර ආරක්ෂක අමාත්‍යාංශයේ උපදෙස් පරිදි මුදාගැනීමේ මෙහෙයුම් ක්‍රියාත්මක වනවා. මෙම නෞකාව මෙරට ගලවාගැනීමේ කලාපයේදී අනතුරට ලක්ව ඇති බවයි නාවික හමුදාව පවසන්නේ. ඒ අනුව ශ්‍රි ලංකාව එවැනි යාත්‍රා බේරාගැනීම සඳහා බැදී සිටින බවද නාවික හමුදාව පවසනවා.  එහි සිටින කාර්ය මණ්ඩලය බේරාගැනීම සදහා ශ්‍රි ලංකා නාවික හමුදාව සහ ගුවන් හමුදාව ඒකාබද්ධ මෙහෙයුම මගින්  ආරම්භ කර තිබෙනවා.