සයිප්‍රසයේ දකුණුදිග ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරට පහරදුන් ඩ්‍රෝන යානය ඉරානයෙන් දියත් කර නැති බව බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය පවසනවා.
එම අමාත්‍යංශයේ ප්‍රකාශයක් උපුටා දක්වමින් විදෙස් මාධ්‍ය වාර්තා මේ බව සඳහන් කර තිබුණා.
කෙසේ වෙතත් එම යානය දියත් කර තිබුණේ කවුරුන්දැයි බ්‍රිතාන්‍ය ආරක්ෂක අමාත්‍යංශය ප්‍රකාශ කර නැහැ.
“ෂහෙඩ්” (Shahed) වර්ගයට අයත් නියමුවන් රහිත යානයක් පසුගිය දෙවැනිදා ඇක්‍රොටිරි (Akrotiri) ප්‍රදේශයේ පිහිටි බ්‍රිතාන්‍ය හමුදා කඳවුරකට කඩා වැටණු අතර මෙම අනතුරින් දේපළවලට සුළු හානි සිදුව ඇති බව සයිප්‍රස් ජනාධිපති නිකොස් ක්‍රිස්ටෝඩෝලයිඩ්ස් සිය X ගිණුමේ සටහනක් තබමින් එදින ප්‍රකාශ කළා.
මෙම ගැටුම්කාරී තත්ත්වය හමුවේ සයිප්‍රසය කිසිදු මිලිටරි මෙහෙයුමක කොටස්කරුවෙකු වීමට අදහස් නොකරන බවයි ඔහු අවධාරණය කළේ.
