අමෙරිකාවේ දී හෙලිකොප්ටරයක් කඩාවැටී 6ක් මරුට

අමෙරිකාවේ නිව්යෝර්ක් හි හඩ්සන් ගංගාවට හෙලිකොප්ටර් යානයක් කඩා වැටීමෙන් ළමුන් තිදෙනෙකු ඇතුළු 6 දෙනෙකු මියගොස් ඇති බව විදෙස් මාධ්‍ය වාර්තා කරනවා.

මියගිය අය අතර පුද්ගලයින් පස් දෙනෙකු එකම පවුලේ සාමාජිකයන් බවයි වාර්තා වන්නේ.

මියගිය පවුලේ සාමාජිකයින් ස්පාඤ්ඤ ජාතිකයන් වන අතර මියගිය අනෙක් පුද්ගලයා හෙලිකොප්ටර් යානයේ නියමුවා බවට තොරතුරු හෙළි වි තිබෙනවා.

අනතුර සිදුවු අවස්ථාවේදි සිව්දෙනෙකු මියගොස් ඇති අතර අනෙක් දෙදෙනා රෝහල් ගත කිරීමෙන් අනතුරුව මියගොස් තිබෙනවා.

නිව්ජර්සි වෙරළ තීරයට ඔබ්බෙන් හෙළිකොප්ටර් යානය ගමන් කරමින් තිබු අවස්ථාවේ එය නියමුවාගේ පාලනයෙන් ගිලිහි ගංගාවට කඩාවැටුණු බවයි බලධාරින් කියා සිටින්නේ.

සිද්ධිය සම්බන්ධයෙන් විමර්ශන කටයුතු තවදුරටත් සිදුකෙරෙනවා.

Leave a Reply

Your email address will not be published. Required fields are marked *