ලෝක බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළට

ඉරාන යුද ගැටුම් හේතුවෙන් මැදපෙරදිග කලාපයේ තෙල් ප්‍රවාහන නෞකාවලට එල්ල වන ප්‍රහාර තීව්‍ර වීමත් සමඟ ලෝක වෙළඳපොළේ බොරතෙල් මිල ශීඝ්‍රයෙන් ඉහළ යමින් පවතිනවා.

ඒ අනුව බ්‍රෙන්ට් වර්ගයේ බොරතෙල් බැරලයක මිල සියයට 9කින් පමණ ඉහළ ගොස් අද වන විට ඇමරිකානු ඩොලර් 100 සීමාව පසුකර තිබෙනවා.

ප්‍රධාන මුහුදු මාර්ගයක් වන හෝමුස් සමුද්‍ර සන්ධිය හරහා සිදුවන නෞකා ගමනාගමනයට බාධා පමුණුවන බවට ඉරානය සිදු කළ අනතුරු ඇඟවීම මෙම මිල ඉහළ යාමට සෘජුවම බලපා ඇති බවයි වාර්තා වන්නේ.