ඊශ්රායල ආරක්ෂක අංශ විසින් අද අලුයම ඉරානයේ ටෙහෙරාන් අගනුවර ඉලක්ක කරගනිමින් දැවැන්ත ගුවන් ප්රහාර මාලාවක් දියත් කර තිබෙනවා.
මෙය ඉරානය වෙත එල්ල කරන ලද අතිශය දරුණු ප්රහාරක රැල්ලක් ලෙසයි ඊශ්රායලය හඳුන්වා දී තිබෙන්නේ.
මේ අතර ඊශ්රායල අගමැති බෙන්ජමින් නෙතන්යාහු අවධාරණය කරන්නේ, ඉරාන වැසියන් දැන්වත් තම පාලකයින්ට එරෙහිව නැගී සිටිය යුතු බවයි.
