තමන් ගැන ලියවුණු අලුත්ම පොත ගැන හැරී සහ මේගන්ගෙන් සැර ප්‍රතිචාරයක්

බ්‍රිතාන්‍යයේ හැරී කුමරු සහ මේගන් මාර්කල් යුවළ තමන් සම්බන්ධයෙන් අලුතින් පළවූ චරිතාපදානයක ඇතුළත් කරුණු දැඩි ලෙස ප්‍රතික්ෂේප කර සිටින බව විදෙස් මාධ්‍ය ප්‍රකාශ කර සිටිනවා.

ටොම් බවර් නැමැති ලේඛකයා විසින් රචිත මෙම කෘතිය හරහා පදනම් විරහිත ක්‍රමන්ත්‍රණකාරී කරුණු සමාජගත කිරීමට උත්සාහ දරන බවයි හැරී කුමරු හා මේගන් මාර්කල් යුවල පවසන්නේ.

රාජකීය පවුලේ අභ්‍යන්තර ආරවුල් සම්බන්ධයෙන් එහි අන්තර්ගත කරුණු අසත්‍ය බව ඔවුන් තවදුරටත් අවධාරණය කර සිටිනවා.

විශේෂයෙන්ම මේගන් මාර්කල් විසින් හැරී කුමරුගේ ක්‍රියා කලාපයන් වෙනස් කර ඇති බවත්, ඇය විලියම් සහ කැතරින් යුවලට තර්ජනයක් ලෙස පෙනී සිටින බවටත් එහි සඳහන් කර මෙම කරුණු සම්බන්ධයෙන් නිවේදනයක් නිකුත් කරන හැරී සහ මේගන් යුවළගේ ප්‍රකාශකයෙකු පවසා සිටින්නේ.

අදාළ ලේඛකයා තමන්ව විවේචනය කිරීමේ සීමාව ඉක්මවා ගොස් ඇති බවයි.

රාජකීය පදවි නාමයෙන් ඉවත්කිරීම සහ බ්‍රිතාන්‍යයෙන් පිටුවහල් කිරීම වැනි කරුණු සම්බන්ධයෙන් පවතින බිය මෙම කෘතිය හරහා අනවශ්‍ය ලෙස ඉස්මතු කර ඇති බව සඳහන්.