“බණ්ඩාරවෙල කෝකිල වසන්තය 2026” අප්‍රේල් 16, 17 සහ 18 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි. සංචාරක නියෝජ්‍ය අමාත්‍ය රුවන් රණසිංහ මහතා බණ්ඩාරවෙල මහ නගර සභාවේ පැවැති මාධ්‍ය හමුවකදී මේ පිළිබඳව සඳහන් කළා. එම අවුරුදු උත්සවයට වෙළෙඳ කුටි, සංගීත සංදර්ශන සහ සංස්කෘතික උත්සව ඇතුලු අංග රැසක් එක්කර තිබෙනවා.
