කොළඹ ආනන්ද විද්‍යාලයේ ප්‍රවෘත්ති විකාශන ඒකකය සංවිධාන කළ ‘සංදේශය 2025’ සම්මාන ප්‍රදානෝත්සවය විද්‍යාලයීය කුලරත්න ශාලාවේදී ඊයේ පැවැත්වුණා. ඒ, අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන්.
අංශ කිහිපයක් ඔස්සේ පැවති ISAC 2025 ජනමාධ්‍ය තරගාවලියේ ජයග්‍රාහකයින්ට සහතික පත් සහ කුසළාන ප්‍රදානය මෙහිදී සිදු කෙරුණා.
ජනමාධ්‍යය සම්බන්ධයෙන් ජාතික ශිෂ්‍ය සමීක්ෂණයක් පාසල් සිසුන් පන්දහසක් යොදා ගනිමින් කොළඹ ආනන්ද විද්‍යාලයීය ප්‍රවෘත්ති වාකශන ඒකකය සහ කොළඹ විශ්වවිද්‍යාලයේ මැදිහත්වීමෙන් සිදු කර තිබුණා. එහි සමීක්ෂණ වාර්තාව එළිදැක්වීම සහ අග්‍රාමාත්‍යවරිය වෙත පිළිගැන්වීමද මෙහිදී සිදු කෙරුණා.
ජීවිතයේ එක්වරක් පමණක් ප්‍රදානය කෙරෙන ප්‍රේමකීර්ති ද අල්විස් අනුස්මරණ සම්මානය මෙවර හිමිවූයේ ආදි ආනන්දයීය ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී රොස්මන්ඩ් සේනාරත්න මහතාටයි.
