2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරන බව අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය පැවසුවාය.
අම්බලන්තොට ප්‍රාදේශීය සභා ශ්‍රවනාගාරයේ අද (15) පැවති අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳ හම්බන්තොට දිස්ත්‍රික් පෙර පාසැල් ගුරුභවතුන් දැනුවත් කිරීමේ වැඩසටහනකට එක්වෙම්න් අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය මේ බව සඳහන් කළාය.
මෙහිදී පෙර පාසල් ගුරුවරුන් තමන් මුහුණ දෙන ගැටළු පිළිබඳව අග්‍රාමාත්‍යතුමිය දැනුවත් කළ අතර අනතුරුව අදහස් දැක් වූ අග්‍රාමාත්‍ය ආචිර්ය හරිනි අමරසූරිය මෙසේද පැවසුවාය.
පෙර පාසල් පද්ධතියේ පවතින ගැටළු සමස්ත සමාජයේ සහ අධ්‍යාපනයේ තියෙන අර්බුධයෙන් වෙන් කරලා කතා කරන්න බැහැ. 2024 මේ රට භාර ගන්නකොට අපිට ප්‍රධාන අභියෝගය වුණේ රට ණයගැතිභාවයෙන් මුදා ගනිමින් නිවැරදි ආර්ථික නිර්ණායක නිවැරදිව සකස් කිරීමටයි.
ඒ අනුව 2025 දී අපිට අභියෝගාත්මක වසරක් වුණත් අපේ රට ආර්ථික වශයෙන් යම් ස්ථාවර මට්ටමකට ගන්නත්, ඒ මගින් රටේ අයවැය තුලනය කර ගන්නත් හැකි වුණා.
රටේ ආර්ථිකය සංවර්ධනය කරමින් යන අතරතුර තමයි මැදපෙරදිග යුද්ධය ආරමිභ වුණේ. එහි යම් බලපෑමක් අපේ රටටත් එල්ල වෙලා තියෙනවා. අපේ රටේ වැඩි විදේශ ප්‍රේෂණ ප්‍රමාණයක් ආවේ මැදපෙරදිග සේවය කළ අපේ රටෙි සහෝදර සහෝදරියන්ගෙන්. අද ඒ අයගේ ජීවිත වලට වගේම රැකියාවලටත් තර්ජනයක් එල්ල වී තිබෙනවා. අපේ රටට විදේශ සංචාරකයින් වැඩි ප්‍රමාණයක් ආවේ මැදපෙරදිග ගුවන් කලාපය හරහා ඒ ගුවන් මාර්ග සහ ගුවන්තොටුපොළ වසා දැමීම නිසා සංචාරක පැමිණිමත් අඩු වෙලා තිබෙනවා. අනිත් ප්රශ්නය ඉන්ධන ප්‍රවාහනය පිලිබඳ ගැටළුව මෙි ගැටළුව අපේ රටට වගේම බොහෝ රටවලට බලපෑම් එල්ල කර තිබෙනවා. යුද්ධය දිගින් දිගටම පැවතුනොත් අපිට විශාල බළපෑමක් එල්ල වෙනවා. ඒ නිසා අපි ඒ වෙනුවෙන් සූදානම් විය යුතුයි. ආර්ථිකය කළමනාකරණය කර ගන්න වියදම් යම් ප්‍රමාණයකින් අවම කරගත යුතුයි.
අපිට ණය ගන්න පුළුවන් නමුත් රටේ ආර්ථිකය ණය අරගෙන කඩාවට්ටන්න අපේ බලාපොරොත්තුවක් නැහැ.
ඔබ දන්නවා අප අධ්‍යාපන ප්‍රතිසංස්කරණය කිරීම ආරම්භ කළා. ඒ ප්‍රතිපත්තියේම තියනවා පෙර පාසල් අධ්‍යාපනයත් ප්‍රතිසංස්කරණය කරන්න කටයුතු කරනවා කියලා. මේ දක්වා පෙර පාසල් ආරමිභ කිරීම සහ මුල් ළමා විය සංවර්ධනය කිරීම විධිමත්ව සිදු වෙලා නෑ. සියලු පෙර පාසල් නියාමනය කරන්නත්, ප්‍රමිතිගත කරන්නත් අපිට සිදු වෙලා තිබෙනවා ඒක පහසු කාර්යයක් නෙමෙයි. මුළින්ම සියළු පෙර පාසල් විධිමත් ලෙස ලියාපදිංචි කළ යුතුයි. අපි මේ වන විට ගුරුවරුන්ගේ පුහුණුව වෙනුවෙන් විෂය මාලාවක් සම්පාදනය කර තිබෙනවා. ඒ වගේම 2027 වසරේ පෙර පාසල් සඳහා නව විෂය නිර්දේශයක් හදුන්වා දෙන්නත් ඒ සඳහා ගුරුවරුන් පුහුණු කරන්නත් වගේම නියාමන අධිකාරියක් මගින් පෙර පාසල් නියාමනය කරන්නත් කටයුතු කරනවා. පෙර පාසල් ඩිප්ලෝමාව සඳහා පිළිගත් විෂය මාලිවක් සකස් කර තිබෙනවා. ඉදිරියේදී අපි පෙර පාසල් ගුරුවරුන්ට ප්‍රමුඛතාව දෙන්නේ ඒ අනුවයි. පෙරපාසල් ගුරුවරුන්ගේ වෘත්තීයභාවය වර්ධනය කරන්නත්, වැටුප් තලයක පිහිටුවන්නත් අපි පියවරෙන් පියවර කටයුතු කරනවා.
පෙර පාසල් අයිති පලාත් සභාවට සහ ප්‍රාදේශිය සභාවට බවත් රේඛිය අමාත්‍යංශයට කළහැක්කේ නිර්දේශ ඉදිරිපත් කිරීම වන අතර පෙර පාසල් සම්බන්ධ ගැටළු නිරාකරණය කිරීමට ව්‍යුහ කමිටු සහ දිස්ත්‍රීක් සංවරිධන කමිටු හරහා සැලසුම් සහගතව ක්‍රියාත්මක වන ලෙසත් මෙහිදී අග්‍රාමාත්‍යතුමිය පැවසුවාය.
පාර්ලිමේන්තු මන්ත්‍රී නිහාල් ගලප්පත්ති මහතා ඇතුළු මහජන නියෝජිතයින්, හම්බන්තොට දිස්ත්‍රික්කයේ පෙර පාසල් ගුරුවරුන් විශාල පිරිසක් මෙම අවස්ථාවට සහභාගී වූහ.
