අස්වැසුම ප්‍රතිලාභීන් සඳහා ලබා දෙන අප්‍රේල් මාසයට අදාළ දීමනාව අද (11) සිට ලබා ගැනීමට හැකි බව සුභ සාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
අදාළ මුදල එම ප්‍රතිලාභීන්ගේ බැංකු ගිණුම් වෙත මේ වනවිටත් තැන්පත් කර ඇති බව නිවේදනයක් නිකුත් කරමින් එම මණ්ඩලය වැඩිදුරටත් කියා සිටියා.
ඒ අනුව, සුදුසුකම් ලැබූ පවුල් 17,37,141ක් සඳහා රුපියල් බිලියන 12.63ක් වෙන්කර ඇත.
එමෙන්ම එම පවුල් තුළ සිටින වයස අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 580,944ක් සඳහා රුපියල් බිලියන 2.9ක මුදලක් ද ගිණුම් ගතකර ඇති බව සුභසාධක ප්රතිලාභ මණ්ඩලය වැඩිදුරටත් දන්වා සිටිනවා.