සාමයේ ගමනට භික්ෂූන් වහන්සේලා කණ්ඩායම දිවයිනට

සාම පා ගමනට එක්වන භික්ෂූන් වහන්සේලා කණ්ඩායම අද (17) උදෑසන දිවයිනට වැඩම කර තිබෙනවා.

ඊයේ (16) තුර්කියේ ඉස්තාම්බුල් සිට පැමිණි උන්වහන්සේලා අප්‍රේල් 21 සිට 28 දක්වා ශ්‍රී ලංකාවේ අනුරාධපුර සිට කොළඹ නිදහස් චතුරශ්‍රය දක්වා සාමය සඳහා පා ගමනේ වඩිනු ඇත.

මෙම පා ගමන පවත්වනු ලබන්නේ රජයේ පූර්ණ අනුග්‍රාහකත්වයෙන්.

අතිපූජ්‍ය පඤ්ඤාකර ස්වාමීන් වහන්සේ ප්‍රධාන මහා සංඝ රත්නය අනුරාධපුර ජය ශ්‍රී මහා බෝධීන් වහන්සේගෙන් ලබා ගන්නා ලද බෝධි අංකුරයක් ද සමග මෙම පාගමනේ වැඩමවීමට නියමිතයි.

ජනාධිපති ලේකම් කාර්යාලය, Clean Sri Lanka වැඩසටහන, බුද්ධ ශාසන, ආගමික හා සංස්කෘතික කටයුතු අමාත්‍යාංශය, රාජ්‍ය පරිපාලන, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය, ත්‍රිවිධ හමුදාව සහ පොලීසිය හා ජාතික මෝස්තර මධ්‍යස්ථානය ඇතුළු රාජ්‍ය හා පෞද්ගලික ආයතන විශාල ප්‍රමාණයක් මෙම සාම පාගමන සඳහා සහාය දක්වයි.

පාගමන අතරතුර ශ්‍රී ලංකාවේ බෞද්ධ උරුමයන් සහ සාම්ප්‍රදායික ශිල්ප හා කලා විශේෂාංග ද ජනගතකිරීමට අපේක්ෂිතයි.