අතිරේක ලංගම බස් රථ ධාවනයට

සිංහල හින්දු අලුත් අවුරුද්දට කොළඹ ඇතුලු දිවයිනේ විවිධ ප්‍රදේශවල රැකියාවල නිරතව සිට වතුකරයට පැමිණි ජනතාවට ආපසු රැකියා ස්ථානවලට යෑමට (19) දින අලුයම සිට ලංගම බස් රථ ගණනාවක් ධාවනය එක් කර ඇති බව හැටන් ලංගම ඩිපෝවේ ඩිපෝ කලමණාකාර පාලිත විරසූරිය මහතා පැවසිය.

තවද, කොළඹ අමතරව මහනුවර, නුවරඑලිය ඇතුලු ග්‍රාමීය මාර්ගවල ධාවනයටද තම ඩිපෝවෙන් බස් රථ ගණනාවක් ධාවනයට එක් කර ඇති බවත්, කිසිදු අපහසුතාවයකින් තොරව රැකියා ස්ථානවලට යෑමට එම ජනතාවට තම ඩිපෝවේ සහ වෙනත් ඩිපෝවල බස් රථ ලබා ගෙන ධාවනයට එක් කරන බවයි ඩිපෝ කළමණාකාරවරයා කියා සිටියේ.

මේ අතර, ලංගම බස් රථවලට අමතරව හැටන් සිට කොළඹ දක්වා ධාවනයට පෞද්ගලික බස් රථ ගණනාවක්ද එක් කර තිබුණි.