ජාතික පාරිසරික තොරතුරු මධ්‍යස්ථානය, සම්ප්‍රදායික පුස්තකාල පද්ධතියෙන් බැහැරව නවීන ඩිජිටල් පුස්තකාල සංකල්පය යටතේ සංවර්ධනය කර තිබේ.
එය ශ්‍රී ලංකාවේ පාරිසරික තොරතුරු සම්පාදනය හා බෙදාහැරීමේ ප්‍රධානතම මධ්‍යස්ථානය වේ.
මෙම මධ්‍යස්ථානය මධ්‍යම පරිසර අධිකාරිය යටතේ ක්‍රියාත්මක වන අතර පරිශිලකයින්ට පරිසරය සම්බන්ධ අලුත්ම ගවේෂණ, වාර්තා, හා තොරතුරු පහසුවෙන් ලබාගැනීමට අවස්ථාව සළසා ඇත.
ශ්‍රී ලංකාවේ පමණක් නොව විදේශීය පරිසර දැනුම ද එකතු කරමින්, පරිසරය පිළිබඳ විශ්වාසනීය තොරතුරු මූලාශ්‍රයක් ලෙස මෙම මධ්‍යස්ථානය ක්‍රියාත්මක වේ.
පර්යේෂකයන්, ශිෂ්‍යයන්, හා සාමාන්‍ය ජනතාවට පරිසරය පිළිබඳ ගැඹුරු දැනුමක් ලබාදීමට මෙන්ම සොබාදහම, පාරිසරික වෙනස්කම්, හා ලෝකයේ විවිධ පාරිසරික සංකල්ප පිළිබඳ ඉගෙනීමට කැමැත්තක් ඇති සියලු දෙනාට මෙම මධ්‍යස්ථානය විවෘතව ඇත.
