ඉන්දීය උප ජනපති, අගමැති හරිනි හමුවෙයි

දෙදින නිල සංචාරයක් සඳහා දිවයිනට පැමිණ සිටින ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධාක්‍රිෂ්ණන් මහතා අද (19) කොළඹ අරලියගහ මන්දිරයේදී අග්‍රාමාත්‍ය ආචාර්ය හරිනි අමරසූරිය හමුවී සාකච්ඡා පැවත්වා තිබෙනවා.

මෙහිදී දෙරට අතර පවතින ද්විපාර්ශ්වික සබඳතා සහ දෙරටේ ජනතාව අතර පවතින අන්‍යෝන්‍ය සබඳතා තවදුරටත් ශක්තිමත් කිරීමේ වැදගත්කම පිළිබඳව උප ජනාධිපතිවරයා සහ අග්‍රාමාත්‍යවරිය අවධානය යොමු කළා.

එමෙන්ම අග්‍රාමාත්‍යවරිය විසින් අරලියගහ මන්දිරයේ දී පවත්වන ලද දිවා භෝජන සංග්‍රහය අතරතුර දෙරට සතු පොදු ශිෂ්ටාචාරමය උරුමයන් පිළිබඳව ද අදහස් හුවමාරු කර ගැනුණා.

දෙදින නිල සංචාරයක් සඳහා ඉන්දීය උප ජනාධිපති සී. පී. රාධා ක්‍රිෂ්ණන් අද (19) පෙරවරුවේ දිවයිනට පැමිණියා.

ඔහු සමඟ 49 දෙනෙකුගෙන් යුත් දූත පිරිසක් ද මෙම නිල සංචාරය සඳහා එක්ව සිටිනවා