කෲස් නෞකාවක මාරාන්තික වෛරසයක් පැතිර යයි – තුන් දෙනෙකු මරුට
අත්ලාන්තික් සාගරයේ ගමන් ගන්නා නෞකාවක මගීන් අතර වෛරස් රෝගයක් පැතිර යාමෙන් තුන් දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ආර්ජන්ටිනාවේ සිට කේප් වර්ඩ් බලා ගමන් කරමින් තිබූ කෲස් නෞකාවක හැන්ටා වෛරස රෝගය පැතිර යාමෙන් පුද්ගලයින් තිදෙනෙකු මිය ගොස් ඇති බව ලෝක සෞඛ්‍ය සංවිධානය පවසනවා.
එම්වී හොන්ඩියස් නමැති මෙම නෞකාවේ සිටි 70 හැවිරිදි පිරිමි මගියෙකු පළමුව රෝගාතුර වී ශාන්ත හෙලේනා දූපතට පැමිණීමේදී මිය ගිය බව දකුණු අප්‍රිකානු සෞඛ්‍ය නිලධාරියෙක් සඳහන් කළා.
ඉන්පසු තවත් දෙදෙනෙකු මිය ගියා.
එමෙන්ම රෝග ලක්ෂණ ඇති තවත් පුද්ගලයන් දෙදෙනෙකු මේ වනවිට ප්‍රතිකාර ලබමින් සිටිනවා.
හැන්ටා වෛරසය යනු මීයන්ගෙන් සම්ප්‍රේෂණය වන වෛරස් විශේෂයක්.
