වෙඩි තබා ද්විත්ව මනුෂ්‍ය ඝාතනයකට සම්බන්ධ සැකකරුවෙකු හට කූඨ ලේඛන සකස් කර ආධාර අනුබල දුන් සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.
2026.02.13 දින තලංගම පොලිස් වසමේ අකුරේගොඩ ප්‍රදේශයේ සුපිරි වෙළඳසැලක් ඉදිරිපිටදි නීතිඥවරයෙකු හා ඔහුගේ බිරිඳට වෙඩි තබා ඝාතනය කිරීමේ අපරාධය සම්බන්ධයෙන් බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් විමර්ශන ආරම්භ කර තිබිණි.
ඒ අනුව ඊයේ (07) දින බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් විසින් මෙම ද්විත්ව මනුෂ්‍ය ඝාතනය සිදුකල ප්‍රධාන සැකකරු හට විදේශ ගතවීම සඳහා ව්‍යාජ විදේශ ගමන් බලපත්‍රයක් සකස් කිරීමට ඇඟිලි සලකුණු තැබූ පුද්ගලයෙකු විමර්ශනයේදී අනාවරණය කර ගත් තොරතුරු මත කූඨ ලේඛන සකස් කිරීමට අනුබල දීම හේතුවෙන් අත්අඩංගුවට ගෙන ඇත.
සැකකරු වයස අවුරුදු 45 ක් වන මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
බස්නාහිර පළාත දකුණ අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
