උණාකූරුව වෙරළ තීරයේ ඛේදවාචකය

තංගල්ල පොලිස් වසමට අයත් උණාකූරුව වෙරළ තීරයේදී දිය නාමින් සිටි පුද්ගලයින් දෙදෙනෙකු මුහුදු රළට හසුව ගසාගෙන යාමෙන් ඊයේ (29) දහවල් අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරට ලක්වූ එක් පුද්ගලයෙකු ප්‍රදේශවාසීන් විසින් බේරාගෙන තංගල්ල රෝහල වෙත ඇතුළත් කිරීමට පියවර ගෙන තිබුණද, රෝහල වෙත රැගෙන යන අතරතුර ඔහු මියගොස් ඇත.

රළ පහරට හසුවූ අනෙක් පුද්ගලයා දියේ ගිලී අතුරුදන්ව ඇති අතර, අතුරුදන් වූ පුද්ගලයා සොයා පොලීසිය සහ ප්‍රදේශවාසීන් එක්ව සෙවුම් මෙහෙයුම් ක්‍රියාත්මක කර තිබෙනවා.

මරණකරු අවුරුදු 22 ක් වූ උණාකූරුව, තංගල්ල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

නාවික හමුදාවේ සහය ඇතිව දියේ ගිලී අතුරුන් වූ පුද්ගලයා සොයා තංගල්ල පොලිසිය විසින් මෙහෙයුම් කටයුතු සිදු කරනවා.