මොණරාගල පොතුවිල් ප්රධාන මාර්ගයේ දඹගල්ල, ඔබ්බෙගොඩ ප්රදේශයේ දී මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන විදුලි කණුවක ගැටී පෙරලීමෙන් අනතුරක් සිදුව තිපෙනවා.
එම අනතුරින් මෝටර් රථයේ ගමන් කරමින් සිටි තිදෙනෙකු තුවාල ලබා මොණරාගල දිස්ත්රික් මහ රෝහලට ඇතුලත් කර ඇත.
මෙසේ අනතුරට ලක්ව ඇත්තේ මොණරාගල ප්රදේශයේම පදිංචිකරුවන් පිරිසක් වන අතර අනතුර සම්බධයෙන් දඹගල්ල පොලිස් ස්ථානයේ නිලධාරීන් විසින් ඉදිරි විමර්ශන සිදු කරනවා.
