පල්ලියවත්තදී අයිස් 1kg ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට

වත්තල, පල්ලියවත්ත හැඳල ප්‍රදේශයේදී ඊයේ (29) දින සවස අයිස් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 545 සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන ඇත.

ඒ බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින්.

සැකකරු අවුරුදු 29 ක් වන හැඳල ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

තවද මෙම මත්ද්‍රව්‍ය ජාවාරමට ආධාර අනුබල දීමට සැකපිට වයස අවුරුදු 18 ක් වූ සැකකරුවෙකු හා වයස අවුරුදු 25 ක් වූ සැකකාරියක් ද අත්අඩංගුවට ගෙන ඇත.

බස්නාහිර පළාත උතුර අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.