කටුනායක දෙවන මගී පර්යන්තය ඉදිකරන්න ජපානය එකඟ වෙයි

කටු­නා­යක ජාත්‍ය­න්තර ගුව­න්තො­ටු­පොළේ දෙවන මගී පර්ය­න්තයේ ඉදි­කි­රීම් කට­යුතු කඩි­න­මින් ආරම්භ කර අව­සන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍ය­න්තර සහ­යෝ­ගිතා නියෝ­ජිත ආය­ත­නය (JICA) අතර එක­ඟ­තාව පළවී තිබෙනවා.

මේ පිළි­බඳ විශේෂ සාක­ච්ඡා­වක් පසු­ගි­යදා වරාය, සිවිල් ගුව­න්සේවා සහ බල­ශක්ති අමා­ත්‍යාං­ශ­යේදී පැවැත්වුණා.

එහිදී වරාය, සිවිල් ගුව­න්සේවා සහ බල­ශක්ති අමාත්‍ය අනුර කරු­ණා­ති­ලක මහතා සහ JICA උසස් නියෝ­ජිත පිරි­සක් අතර මෙම කරුණු සාකච්ඡා කළා.

පසු­ගිය කාල­සී­මා­වේදී තාව­කා­ලි­කව නතර කර දමා තිබූ මෙම දෙවන මගී පර්ය­න්තයේ ඉදි­කි­රීම් කට­යුතු නැවත ආරම්භ කිරීම සඳහා ජනා­ධි­පති අනුර කුමාර දිසා­නා­යක මහතා සහ ජපාන රජය අතර පැවති සාක­ච්ඡා­වල සාර්ථක ප්‍රති­ඵ­ල­යක් ලෙස ජපාන රජයේ එක­ඟ­තාව පළවී තිබෙනවා.

ඉන් අන­තු­රුව, ශ්‍රී ලංකාවේ ජපාන තානා­ප­ති­ව­රයා සහ JICA ප්‍රධා­නීන් සමග වරාය සහ සිවිල් ගුව­න්සේවා අමා­ත්‍ය­ව­රයා සාකච්ඡා වට කිහි­ප­යක් පවත්වා තිබෙනවා.