ග්‍රෑන්ඩ්පාස් මුවදොර උයනේදී හෂීස් සමඟ සැකකරුවෙකු කොටු

ග්‍රෑන්ඩ්පාස්, මුවදොර උයන මහල් නිවාසය ප්‍රදේශයේදී ඊයේ (05) දින රාත්‍රී හෂීස් මත්ද්‍රව්‍ය සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඒ කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන් කණ්ඩායමක් විසින් සිදුකළ වැටලීමකින්.

එහිදී හෂීස් ග්‍රෑම් 280 ක් අත්අඩංගුවට ගෙන ඇත.

සැකකරු අවුරුදු 54 ක් වන කොළඹ 14 ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

කොළඹ දිසා අපරාධ කොට්ඨාසය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.