තීරුබදු රහිත දුම්වැටි තොගයක් සමඟ තරුණයෙකු අත්අඩංගුවට

තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි තොගයක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන තිබෙනවා.

ඊයේ (01) දින සවස බේරුවල පොලිස් වසමේ පිටවල ප්‍රදේශයේදී කළුතර කොට්ඨාස අපරාධ විමර්ශන කාර්යංශයේ නිලධාරීන්ට ලද තොරතුරක් මත වැටලීමක් සිදුකර තීරුබදු රහිතව මෙරටට රැගෙන එන ලද දුම්වැටි 2600 ක් සමඟ සැකකරුවෙකු අත්අඩංගුවට ගෙන බේරුවල පොලිස් ස්ථානය වෙත ඉදිරිපත් කර ඇත.

සැකකරු වයස අවුරුදු 18 ක් වන ඩයගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.

බේරුවල පොලිසිය වැඩිදුර විමර්ශන සිදු කරනවා.