ආසියානු ක්‍රීඩා උලළේ රග්බි අර්ධ අවසන් පූර්ව තරගයට ශ්‍රී ලංකා කණ්ඩායම අද (02) සහභාගී වනවා.
එහිදී ඔවුන්ගේ ප්‍රතිවාදීන් වන්නේ චීන කණ්ඩායමයි.
ශ්‍රී ලංකා කණ්ඩායම අර්ධ අවසන් පූර්ව තරගයට සුදුසුකම් ලබා ගත්තේ මූලික වටයේ සියලු තරග ජයග්‍රහණය කරමින්. ඒ අනුව ඔවුන් සී ඛාණ්ඩයෙක් පෙරමුණට පැමිණියා.
තරගාවලියේ මූලික වටය යටතේ ශ්‍රී ලංකා කණ්ඩායම අද තුන්වැනි තරගය ක්‍රීඩා කළේ එක්සත් අරාබි එමීර් රාජ්‍යය සමගයි.
එහි පළමු වටය අවසන් වන විට ශ්‍රී ලංකා කණ්ඩායම පෙරමුණ ගත්තේ ලකුණු 5 ට 0 ක් ලෙසයි.
දෙවැනි අර්ධයේදී ශ්‍රී ලංකා කණ්ඩායම තවත් ලකුණු 12 ක් ලබා ගත්තා.
ප්‍රතිවාදීන් එහිදී රැස් කළේ ලකුණු 5 ක් පමණයි. ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තරගය ජය ගත්තේ ලකුණු 17 ට 5 ක් ලෙසයි.
