මොණරාගල දඹගල්ල පොලිස් බල ප්‍රදේශයට අයත් අටේ කණුව ප්‍රදේශයේ කොහු මෝලක අද (07) දහවල් විශාල ගින්නක් හටගෙන තිබෙනවා.
කොහු කර්මාන්තශාලාව පුරාවට ගින්න වේගයෙන් පැතිර යමින් ඇති අතර එම ගින්න ලොරි රථයකටද ගිනි ඇවිලී ඇති බවයි වාර්තා වන්නේ.
මේ වන විට ගින්න පාලනය කිරීම සඳහා මොණරාගල ගිනි නිවීමේ රථ, ප්‍රදේශවාසින් සහ පොලිස් නිලධාරීන් කටයුතු කරමින් සිටින අතර ගින්න යම්තාක් දුරට පාලනය කර තිබෙනවා.
ගින්නට හේතුව මෙතෙක් අනාවරනය වී නැහැ.

