අමෙරිකා – ඉරාන යුද ගින්නට අදට දින 100ක්

අමෙරිකාව සහ ඊශ්‍රායලය එක්ව ඉරානයට එරෙහිව ආරම්භ කළ යුද්ධයට අද දිනට දින 100ක් සපිරෙනවා.

දින සියයක් තිස්සේ පැවැති මෙම දරුණු ගැටුම් හේතුවෙන් මේ වන විට මිය ගිය පුද්ගලයින් සංඛ්‍යාව7000කට අධිකයි.

ගැටුම් ආරම්භ වුණේ ඉකුත් පෙබරවාරි 28 වැනි දින අමෙරිකාව විසින් ඉරානයේ උත්ත්රීතර නායක අයතුල්ලා අල් කමේනි ඝාතනය කිරීමත් සමගයි.

ඉරානයේ න්‍යෂ්ටික බලාගාර සහ පර්යේෂණ මධ්‍යස්ථාන ඇතුළු යටිතල පහසුකම් ඉලක්ක කර ගනිමින් ආරම්භ වු මෙම ගැටුම ඉතා කෙටි කලකින් අවසන් කරන බවට අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් ප්‍රකාශ කර තිබුණ ද, තවමත් යුද වාතාවරණය පාලනය කිරීමට හැකි වී නැහැ.

පකිස්ථානයේ මැදිහත්වීමෙන් පසුගිය අප්‍රේල් මස 08 වනදා අමෙරිකාව සහ ඉරානය සටන් විරාමයකට එකඟ වු පසුබිමක වුවද, කලාපය තුළ තැනින් තැන තවමත් ප්‍රහාර එල්ල වෙමින් පවතින බැවින් දෙපාර්ශවය අතර සාකච්ඡා නැවත නැවතත් බිඳවැටෙමින් පවතින බවයි විදෙස් වාර්තා පවසන්නේ.

මෙම තත්ත්වය හමුවේ ස්ථිර සාමයක් උදාකර ගැනීම සඳහා රාජ්‍යතාන්ත්‍රික මට්ටමින් ගන්නා උත්සාහයන් මෙතෙක් සාර්ථක වී නොමැති බවද විදෙස් මාධ්‍ය වැඩිදුරටත් කියා සිටිනවා.