උඩුදුම්බර පොලිස් වසමේ කයිකාවල ප්රදේශයේ ඊයේ (13) දින උදෑසන හීං ගඟේ දිය නෑමට ගිය භික්ෂූන් වහන්සේ නමක් දියේ ගිලී අපවත්වී ඇති බවට උඩුදුම්බර පොලිස් ස්ථානයට ලද පැමිණිල්ලක් මත විමර්ශන ආරම්භකර ඇත.
අපවත්වූ භික්ෂූන් වහන්සේ අවුරුදු 11 ක් වූ මිනුවන්ගොඩ පොලිස් වසමේ පිහිටි විහාරස්ථානයක වැඩවාසය කළ හිමිනමකි.
උඩුදුම්බර ප්රදේශයේ තිබූ ධානමය පිංකමකට සහභාගි වීම සඳහා වැඩමකර තවත් භික්ෂූන් වහන්සේලා කිහිප නමක් සමඟ හීං ගඟේ දියනාමින් සිටියදී මෙලෙස දියේ ගිලී අපවත්වී ඇති බවට දැනට සිදුකරන ලද විමර්ශනයේදී අනාවරණය වී ඇත.
උඩුදුම්බර පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
