පළාත් රැසකට මි.මී.100 ඉක්මවූ වැසි

දිවයිනේ බොහෝ ප්‍රදේශවල පස්වරු 1.00 න් පසුව තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව පවසනවා.

උතුරු-මැද, මධ්‍යම, සබරගමුව, ඌව සහ වයඹ පළාත්වල ඇතැම් ස්ථාන වලට මි. මී 100 ට වැඩි තද වැසි ඇති විය හැක.

බස්නාහිර පළාතේ සහ ගාල්ල සහ මාතර දිස්ත්‍රික්කවල උදැසන කාලයේදී වැසි ඇති විය හැකිය.

ගිගුරුම් සහිත වැසි සමග ඇතිවිය හැකි තාවකාලික තද සුළං වලින් සහ අකුණු මඟින් සිදු වන අනතුරු අවම කර ගැනීමට අවශ්‍ය පියවර ගන්නා ලෙස ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා.