නිකවැරටිය, ඇලවක බලල්ල මාර්ගයේ සියඹලෑව ප්‍රදේශයේදී ඊයේ (21) දින දහවල් බලල්ල දෙසට ධාවනය වූ අත්ට්‍රැක්ටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන පෙරලීගොස් අනතුරක් සිදුව ඇත.
අනතුරින් තුවාල ලැබූ අත්ට්‍රැක්ටර් රථ රියැදුරු නිකවැරටිය රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් තිබෙනවා.
මරණකරු වයස අවුරුදු 42 ක් වූ නාගොල්ලාගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකි.
නිකවැරටිය පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.
