පදික කාන්තාවකගේ දිවි අහමි කළ තුන්සක රිය

කෑගල්ල බුලත්කොහුපිටිය මාර්ගයේ මාකූර ප්‍රදේශයේදී ඊයේ (05) දින උදෑසන කෑගල්ල දෙස සිට බුලත්කොහුපිටිය දෙසට ධාවනය වූ ත්‍රීරෝද රථයක් රියැදුරුට පාලනය කර ගැනීමට නොහැකිව මාර්ගයෙන් ඉවතට පැන යතුරුපැදියක හා පදික කාන්තාවකගේද ගැටී ඉදිරියට ඇදී ගොස් විදුලි රැහැන් කණුවක ගැටී අනතුරක් සිදුව තිබෙනවා.

අනතුරින් ත්‍රීරෝද රථයේ රියැදුරු, යතුරුපැදිකරු හා පදික කාන්තාව තුවාල ලබා කෑගල්ල රෝහලට ඇතුලත් කිරීමෙන් පසු පදික කාන්තාව මියගොස් ඇත.

මරණකාරිය වයස අවුරුදු 67 ක් වූ හෙට්ටිමුල්ල ප්‍රදේශයේ පදිංචිකාරියකි.

කෑගල්ල පොලිසිය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.