ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ඊශ්‍රායල ප්‍රහාරවලින් ලෙබනනයේ 14ක් ජීවිතක්ෂයට – 37කට තුවාල
ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ලෙබනනයේ 14 දෙනෙකු මිය ගොස් තිබෙනවා.
ලෙබනන සෞඛ්‍ය අමාත්‍යාංශය පවසන්නේ ඊයේ (26) ඊශ්‍රායලය එල්ල කළ ප්‍රහාරවලින් ළමයින් දෙදෙනෙකු හා කාන්තාවන් දෙදෙනෙකු ඇතුළු පුද්ගලයින් 14 දෙනෙකු මිය ගොස් 37 දෙනෙකු තුවාල ලබා ඇති බවයි.
දකුණු ලෙබනනයේ ගම්මාන කිහිපයක් සඳහා ඉවත් කිරීමේ අනතුරු ඇඟවීම් නිකුත් කර තිබූණා.
ඊශ්‍රායල ආරක්ෂක හමුදා ප්‍රකාශකයෙකු සඳහන් කළේ ඉවත් නොවීම නිසා ප්‍රහාර එල්ල කළ බවයි.
කාලතුවක්කු සහ ගුවන් ප්‍රහාර එල්ල කළ බව වැඩිදුරටත් සඳහන්.
මේ අතර ලෙබනනයේ හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ඩ්‍රෝන ප්‍රහාරයකින් 19 හැවිරිදි ඊශ්‍රායල සොල්දාදුවෙකු මිය ගොස් තවත් හය දෙනෙකු තුවාල ලැබුවා.
