ලක් තේ වලට ඉහල පිළිගැනීමක්

චීනයේ බීජිං නුවර පැවැති 20 වැනි ජාත්‍ය­න්තර තේ ප්‍රද­ර්ශ­නය සඳහා ශ්‍රී ලංකාව ද සහ­භාගි වී තිබෙනවා.

එහිදී ශ්‍රී ලංකා තේ සතු සුවි­ශේෂී ගුණා­ත්ම­ක­භා­වය ලෝකය හමුවේ ප්‍රද­ර්ශ­නය කිරී­මට අව­ස්ථා­වක් හිමිව තිබෙන බවයි විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳහන් කරන්නේ.

ශ්‍රී ලංකා තානා­ප­ති­ව­රයා විසින් මෙහිදී මෙරට දේශ­ගු­ණික කලාප හතක නිප­ද­වන තේවල ඇති විවි­ධ­ත්වය සහ අද්වි­තීය රසය පිළි­බ­ඳව ජාත්‍ය­න්තර අව­ධා­නය යොමු කර තිබෙනවා.

මෙරට ප්‍රමුඛ පෙළේ තේ සමා­ගම් කිහි­ප­යක් මෙම අව­ස්ථා­වට එක් වූ බවත්, ඔවුන් චීන වෙළෙ­ඳ­පොළ ඉලක්ක කර ගනි­මින් සිය ප්‍රමි­ති­යෙන් ඉහළ නිෂ්පා­දන හඳුන්වා දීමට කට­යුතු කර තිබෙන බවත් විදේශ කට­යුතු අමා­ත්‍යාං­ශය සඳ­හන් කරනවා.

මෙම වැඩ­ස­ට­හන මඟින් චීනය සහ ශ්‍රී ලංකාව අතර පව­තින වෙළෙඳ සබ­ඳතා තව­දු­ර­ටත් ශක්ති­මත් වූ අතර, ලංකා තේ සඳහා ඇති ජාත්‍ය­න්තර ඉල්ලුම ඉහළ නැංවී­මට හැකි වී තිබෙනවා.

දින 4ක කාල­යක් බීජිංහි ජාතික කෘෂි­කා­ර්මික ප්‍රද­ර්ශන මධ්‍ය­ස්ථා­නයේ පැවති 20 වැනි බීජිං ජාත්‍ය­න්තර තේ ප්‍රද­ර්ශ­නය සඳහා ප්‍රද­ර්ශන කුටි 1,300ක් පමණ ස්ථාපිත කර තිබුණු අතර, ව්‍යව­සා­ය­ක­යන් 700ට වැඩි පිරි­සක් තේ සහ තේ ආශ්‍රිත නිෂ්පා­දන ප්‍රද­ර්ශ­නය කර තිබෙනවා.

ශ්‍රී ලංකාව සහ නේපා­ලය ඇතුළු සහ­භාගි වන රට­ව­ලින් තේ රස බැලීමේ සැසි, සංස්කෘ­තික තරග සහ ප්‍රව­ර්ධන ක්‍රියා­කා­ර­කම් රැසක් පවත්වා තිබෙන අතර, සමා­ර­ම්භක සැසිය අම­ත­මින් චීනයේ ශ්‍රී ලංකා තානා­පති මජින්ත ජය­සිංහ මහතා ශ්‍රී ලංකා තේවල අද්වි­තීය ගුණාංග ඉස්මතු කර­මින් එහි සුවි­ශේෂී රසය, ප්‍රබෝ­ධ­මත් ස්වභා­වය සහ ගෝලීය වශ­යෙන් පිළි­ගත් ගුණා­ත්ම­ක­භා­වය අව­ධා­ර­ණය කළා.