ත්‍රිකුණාමලයේ ව්‍යාපාරිකයෙකුට ලක්ෂයක දඩයක්

කීරි සම්බා සහල් සඳහා නියම කර ඇති උපරිම සිල්ලර මිල ඉක්මවා වැඩි මිලට අලෙවි කිරීමේ වරද පිළිගත් ත්‍රිකුණාමලය ප්‍රදේශයේ ව්‍යාපාරිකයෙකුට, ත්‍රිකුණාමලය මහේස්ත්‍රාත් අධිකරණය විසින් පසුගිය (24) වන දින රුපියල් 100,000 ක දඩ මුදලක් නියම කර තිබෙනවා.

පාරිභෝගික ජනතාව අපහසුතාවට පත් කරමින් සිදු කරන මෙවැනි නීතිවිරෝධී ක්‍රියාවන් වැළැක්වීම සඳහා පාරිභෝගික කටයුතු පිළිබඳ අධිකාරිය (CAA) දිවයින පුරා අඛණ්ඩව වැටලීම් ක්‍රියාත්මකයි.

නියමිත මිලට වඩා වැඩි මිලට භාණ්ඩ අලෙවි කරන වෙළෙඳුන්ගෙන් භාණ්ඩ මිලදී ගැනීමෙන් වළකින ලෙසත්, එවැනි වෙළෙඳසැල් ප්‍රතික්ෂේප කරන ලෙසත් අපි පාරිභෝගික අධිකාරිය ජනතාවගෙන් කාරුණිකව ඉල්ලා සිටිනු ලබනවා.