බංග්ලාදේශ කාන්තා ක්‍රිකට් කණ්ඩායම සමග පැවති එක් දින ක්‍රිකට් තරගාවලිය තරග දෙකට එකක් ලෙස ජය ගැනීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.
තරගාවලියේ තුන්වැනි තරගය ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් අද ජය ගත්තේ කඩුලු 7 කින්.
බංග්ලාදේශයේ රාජ්ශාහි පැවති තරගයේ පළමුවෙන් පන්දුවට පහර දුන් බංග්ලාදේශ කාන්තා කණ්ඩායම පන්දුවාර 50 ඇතුළත කඩුලු 8 ක් දැවී ලකුණු 213 ක් රැස් කළා.
වැඩිම ලකුණුලාභිනිය වූ සොබානා මොස්ටරි ලකුණු 74 යි. පන්දු යැවීමේදී කවීෂා දිල්හාරි කඩුලු 3 ක් සහ නිමාශා මීපගේ කඩුලු 2 ක් දවා ගත්තා.
පිළිතුරු ලෙස ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් තරගය ජය ගත්තේ පන්දුවාර 46 යි පන්දු 3 කදී කඩුලු 3 ක් දැවී ලකුණු 214 ක් රැස් කරමින්. හසිනි පෙරේරා ලකුණු 95 යි.
ඇයගේ ඉනිමට හතරේ පහර 13 ක් ඇතුළත්. ඉමේෂා දුලානි ලකුණු 56 ක් රැස් කළ අතර, හර්ෂිතා සමරවික්‍රම නොදැවී ලකුණු 44 යි.
තරගයේ දක්ෂතම ක්‍රීඩිකාව හසිනි පෙරේරා. තරගාවලියේ දක්ෂතම ක්‍රීඩිකාවට හිමි සම්මාන ඉමේෂා දුලානිට හිමි වුණා.
