ලෝක සාමය වෙනුවෙන් කැපවන ලෝක සාම පාගමනට උපකාරයක් ලෙස මාතලේ නුගගහ මුලයාය වනාන්තරය සහ කෑගල්ල දිස්ත්‍රික්කයේ පදියගම්‍පැලැල්ල වනාන්තරය සාම පාගමන වෙනුවෙන් නම් කිරීම පසුගිය දා සිදු කෙරුණා.
ඒ පරිසර අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතාගේ ප්‍රධානත්වයෙන්.
මෙය සිදු කෙරුණේ රජයේ පාරිසරික දැක්ම යටතේ ක්‍රියාත්මක “වනස්පති” ජාතික වැඩසටහනට සමගාමීවයි.
සාම පාගමනේ නිරත පූජ්‍ය වියට්නාමයේ පඤ්ඤාකර හිමියන් ඇතුළු භික්ෂුන්වහන්සේ බෙලිගම්මන විහාරස්ථානයට වැඩමකිරිමෙන් අනුතුරව මේ අවස්ථාව සංවිධාන කර තිබුණා.
මෙම වනාන්තරවලට අදාළ ලෝක පාරිසරික සාමය වෙනුවෙන් නම් කරන ලද ජීවමාන සන්නස්පත්‍රය අමාත්‍ය වෛද්‍ය ධම්මික පටබැදි මහතා ඇතුළු නියෝජිත පිරිස විසින් සාම පාගමනේ නිරත ස්වාමීන්වහන්සේ වෙත පිරිනැමිමෙන් මෙම නම් කිරීමේ වැඩසටහන සංකේතවත් කෙරුණා.
වනස්පති වැඩසටහන මගින් ශ්‍රී ලංකාවේ වනාන්තර 79ක් අලුතින් රක්ෂිත බවට පත් කර ඇති අතර එහි සුවිශේසි සංධිස්ථානයක් ලෙස සාම පාගමනට උපහාර දැක්වීමේ අරමුණින් මෙම වැඩසටහන පැවැත්වුණා.



