2026 ෆි‍ෆා ලෝක කුසලාන ශූරයෝ

තරගාවලියේ වැඩිම ගෝල වාර්තා කළ ක්‍රීඩකයාට හිමි ගෝල්ඩන් බූට් සම්මානය මෙවර ලබාගත්තේ ප්‍රංශ ක්‍රීඩක කිලියන් එම්බාප්පේ විසින්. ඔහු මෙවර තරගාවලියේදී ගෝල 10 ක් ලබාගත් අතර, එම්බාප්පේ මෙම සම්මානය අඛණ්ඩව දිනාගත් දෙවැනි අවස්ථාව මෙයයි.

තරගාවලියේ දක්ෂතම ක්‍රීඩකයාට හිමිවන ගෝල්ඩන් බෝල් සම්මානයෙන් පිදුම් ලැබුවේ ස්පාඤ්ඤ කණ්ඩායමේ නායක රොඩ්රිගෝ හර්මෙන්ඩස් ක්‍රීඩකයායි.

අවසන් තරගයේ සුපිරි දක්ෂතා පෙන්නුම් කළ ස්පාඤ්ඤ කණ්ඩායමේ ගෝල රකින්නා වන උනායි සිමෝන් තරගා‍වලියේ විශිෂ්ටතම ගෝල රකින්නට හිමි ගෝල්ඩන් ග්ලවු සම්මානයෙන් පිදුම් ලැබුවා. තරගාවලියේ විශිෂ්ටතම යොවුන් ක්‍රීඩකයා ස්පාඤ්ඤයේ පාවු කුබාර්සි.

ශූරතාව හිමිකරගත් ස්පාඤ්ඤ කණ්ඩායමට කුසලානය ප්‍රදානය කරනු ලැබුවේ අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් විසින්.