22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත අද පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතයි.
ඒ අනුව අදාළ කෙටුම්පත අධිකරණ අමාත්‍ය නීතිඥ හර්ෂණ නානායක්කාර මහතා විසින් ඉදිරිපත් කරනු ඇති.
අධිකරණ විනිසුරුවරුන්ගේ විශ්‍රාම වයස දීර්ඝ කිරීමට අදාළ 22 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධන පනත් කෙටුම්පත ඉකුත් 7 වැනිදා ගැසට් මගින් ප්‍රකාශයට පත් කෙරුණා.
පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමෙන් පසු එය ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ අභියෝගයට ලක් කිරීමට ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව දින 14ක කාලසීමාවක් හිමි වනවා.
එම පෙත්සම් විභාග අවසන් කර දින 3 ත් 21 ත් අතර කාලයක් ඇතුළත ශ්‍රේෂ්ඨාධිකරණය සිය තීරණය පාර්ලිමේන්තුවට දැනුම් දෙනු ඇති.
