ඩෙංගු මර්දන සතියේ තෙවන දිනය අදයි

දිවයින පුරා ක්‍රියාත්මක විශේෂ ඩෙංගු මර්දන සතියේ තෙවන දිනය අදයි.

අද (17) දිනය තුළ ද සියලුම පොදු ස්ථාන පවිත්‍ර කිරීමේ කටයුතු සිදු කෙරෙනවා.

වාර්තා වන ඩෙංගු රෝගීන්ගේ ශීඝ්‍ර වැඩි වීමක් හමුවේ, මෙම විශේෂ මදුරු මර්දන සතිය රාජ්‍ය පරිපාලන, ස්වදේශ කටයුතු, පළාත් සභා සහ පළාත් පාලන අමාත්‍යාංශය විසින් ක්‍රියාත්මක කරනු ලබනවා.

මේ අතර මෙතෙක් පැවති ඩෙංගු අධි අවදානම් කලාප 74 මේ වනවිට 84ක් දක්වා ඉහළ ගොස් තිබෙනවා.

කොළඹ, ගම්පහ, කළුතර, ගාල්ල, මාතර, හම්බන්තොට, කුරුණෑගල, පුත්තලම, රත්නපුර, කෑගල්ල, මහනුවර, මාතලේ, මඩකලපුව සහ බදුල්ල යන දිස්ත්‍රික්කවල ඩෙංගු රෝගය සීඝ්‍රයෙන් පැතිර යන බවට මේ වන විට හඳුනාගෙන ඇති බවයි සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කළේ.