‘අස්වැසුම’ සුබසාධක ප්රතිලාභ යෝජනා ක්රමයට අදාළව ජුනි මස වැඩිහිටි දීමනාව අද (03) බැංකු ගිණුම් වෙත බැර කිරීමට සියලු කටයුතු සූදානම් කර ඇති බව සුබසාධක ප්රතිලාභ මණ්ඩලය පවසනවා.
ඒ අනුව පළමු අදියරට අදාළව අවුරුදු 70ට වැඩි වැඩිහිටියන් 621,761 දෙනෙකුට රු.3,108,805,000ක මුදලක් ගිණුම් වෙත බැර කරනු ලබනවා.
මේ අතර, දෙවන අදියරට අදාළව අවරුදු 70ට වැඩි වැඩිහිටියන් 76,139 ක් සඳහා රු.380,695,000ක මුදලක් ද බැංකු ගිණුම් වෙත බැර කිරීමට නියමිතව ඇත.
