ශ්‍රී ලංකා සහ බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම් අතර දෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අදයි.
ඊයේ තුන්වැනි දිනය සදහා තරගය අවසන් වනවිට කොදෙව් කණ්ඩායම පළමු ඉණිමට කඩුලු 04 ක් දැවී ලකුණු ලකුණු 318 ක් ලබාසිටියා.
ඒ ශ්‍රී ලංකාව පළමු ඉනිමට රැස්කල ලකුණු 549 ට පිළිතුරු ලෙසයි. තරගය පැවැත්වෙන්නේ ඇන්ටිගුවා හිදී.
ඊයේ තුන්වැනි දිනට තරගය ආරම්භ කරන විට කොදෙව් කණ්ඩායම පළමු ඉණිමට කඩුල්ලක් දැවී ලබාසිටි ලකුණු සංඛ්‍යාව 58 ක්.
නොදැවී පන්දුවට පහර දෙමින් සිටින් ජෝන් කැම්බල් සහ කවීම් හොජ්. කැම්බල් ලකුණු 72 කට දෙවැනි කඩුල්ල ලෙස දැවීගියා.
අමීර් ජැංග්‍රෝ ලකුණූ 9 ක් ලබාගත් අතර කවීම් හොජ් ලකුණු 31යි.
ඊයේ තුන්වැනි දිනය සදහා තරගය නතර කරනවිට ෂායි හෝප් නොදැවී ලකුණු 86 ක් ලබාසිටි අතර ජෙස්ටින් ග්‍රේව්ස් නොදැවි ලකුණු 85 යි.
පන්දු යැවීමේදී අසිත ප්‍රනාන්දු සහ ප්‍රභාත් ජයසූරිය කඩුලු 2 බැගින් දවාගෙන තිබුනා.
