කටුනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේ දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු කඩිනමින් ආරම්භ කර අවසන් කිරීම සඳහා ශ්‍රී ලංකා රජය සහ ජපාන ජාත්‍යන්තර සහයෝගිතා නියෝජිත ආයතනය (JICA) අතර එකඟතාව පළවී තිබෙනවා.
මේ පිළිබඳ විශේෂ සාකච්ඡාවක් පසුගියදා වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍යාංශයේදී පැවැත්වුණා.
එහිදී වරාය, සිවිල් ගුවන්සේවා සහ බලශක්ති අමාත්‍ය අනුර කරුණාතිලක මහතා සහ JICA උසස් නියෝජිත පිරිසක් අතර මෙම කරුණු සාකච්ඡා කළා.
පසුගිය කාලසීමාවේදී තාවකාලිකව නතර කර දමා තිබූ මෙම දෙවන මගී පර්යන්තයේ ඉදිකිරීම් කටයුතු නැවත ආරම්භ කිරීම සඳහා ජනාධිපති අනුර කුමාර දිසානායක මහතා සහ ජපාන රජය අතර පැවති සාකච්ඡාවල සාර්ථක ප්‍රතිඵලයක් ලෙස ජපාන රජයේ එකඟතාව පළවී තිබෙනවා.
ඉන් අනතුරුව, ශ්‍රී ලංකාවේ ජපාන තානාපතිවරයා සහ JICA ප්‍රධානීන් සමග වරාය සහ සිවිල් ගුවන්සේවා අමාත්‍යවරයා සාකච්ඡා වට කිහිපයක් පවත්වා තිබෙනවා.
