තමන් ඇටවූ බඳින තුවක්කුවටම ගොදුරු වී පුද්ගලයෙකු අවාසනාවන්ත ලෙස මියයයි

නවගත්තේගම පොලිස් වසමේ තබ්බෝව රක්ෂිත ප්‍රදේශයේදී ඊයේ (01) දින සවස බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී පුද්ගලයෙකු මියගොස් තිබෙනවා.

මරණකරු බරපතල තුවාල ලබා නවගත්තේගම රෝහලට ඇතුළත් කිරීමෙන් පසු මියගොස් ඇති බවට ලද තොරතුරක් මත නවගත්තේගම පොලිසිය විමර්ශන ආරම්භ කර ඇත.

මරණකරු අවුරුදු 62 ක්වූ නවගත්තේගම ප්‍රදේශයේ පදිංචිකරුවෙකු වේ.‍

මරණකරු විසින් සතුන් දඩයම් කිරීමට ඇටවූ බඳින තුවක්කුවක් ක්‍රියාත්මක වී මෙම මරණය සිදුව ඇති බවට පොලිසිය සැකකරනවා.

මෘත ශරීරය නවගත්තේගම රෝහලේ මෘත ශරීරාගාරයේ තැන්පත් කර ඇති අතර, නවගත්තේගම පොලිස් ස්ථානය විසින් වැඩිදුර විමර්ශන සිදු කරනවා.