කොකේන් මත්ද්‍රව්‍ය සමඟ විදෙස් ජාතික සැකකරුවන් දෙදෙනෙකු හා සැකකාරියන් දෙදෙනෙකු කොල්ලුපිටිය ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන තිබෙනවා.
කොළඹ දිසා අපරාධ කොට්ඨාසයේ නිලධාරීන්ට ලැබුණු තොරතුරකට අනුව ඊයේ (12) පස්වරුවේ කොල්ලුපිටිය පොලිස් වසමේ පිහිටි හෝටලයක් සහ සුපිරි වෙළඳසැල් සංකීර්ණයක් තුළ මෙම වැටලීම සිදුකර ඇත.
එහිදී සැකකරුවන් සහ සැකකාරියන් සතුව තිබී කොකේන් මත්ද්‍රව්‍ය කිලෝග්‍රෑම් 01 ග්‍රෑම් 01 ක්, ග්‍රෑම් 12, ග්‍රෑම් 20 සහ ග්‍රෑම් 16 ක් ලෙස විවිධ ප්‍රමාණවලින් සොයාගෙන තිබෙනවා.
අත්අඩංගුවට ගෙන ඇති සැකකරුවන් අවුරුදු 23 සහ 48 වයස්වල පසුවන අතර සැකකාරියන් අවුරුදු 43 සහ 52 යන වයස්වල පසුවන ජැමෙයිකානු ජාතිකයින් වේ.
සිද්ධිය සම්බන්ධයෙන් කොළඹ දිසා අපරාධ කොට්ඨාසය වැඩිදුර විමර්ශන සිදුකරනවා.
