වසා දැමුණු යාල කලාප අංක 1 සහ 2 යළි විවෘත කිරීමට තීරණයක්

පැවති දැඩි වියළි කාලගුණික තත්ත්වය හේතුවෙන් තාවකාලිකව වසා දමා තිබූ යාල ජාතික වනෝද්‍යානයේ 1 සහ 2 යන කලාප ඔක්තෝබර් 16 වනදා සිට නැවතත් දෙස් විදෙස් සංචාරකයින් සඳහා විවෘත කිරීමට තීරණය කර තිබෙනවා.

දැඩි වියළි කාලගුණය හමුවේ වන සතුන්ගේ ආරක්ෂාව තහවුරු කිරීම සහ වනෝද්‍යානය තුළ මාර්ග පද්ධතියේ අලුත්වැඩියා කටයුතු සිදු කිරීම සඳහා පසුගිය සැප්තැම්බර් 14 වනදා සිට මෙම කලාප දෙක නැරඹීම තාවකාලිකව අත්හිටුවීමට වනජීවී බලධාරීන් පියවර ගෙන තිබුණා.

සංචාරකයින් සඳහා යළි උද්‍යානය විවෘත කිරීමත් සමග සංචාරක නිවාස හා කඳවුරු බිම් වෙන්කිරීම සඳහා නොවැම්බර් මස 01 වැනි දින සිට අවස්ථාව ලබාදීමට ද නියමිතය.