ගිම්හා­නයේ ජන­ප්‍රි­ය­තම ගම­නාන්ත තුන අත­රට ශ්‍රී ලංකාව

ගිම්හාන කාලය ලෙස සැල­කෙන ජූලි සහ අගෝස්තු මාස­ව­ලදී විදේ­ශීය සංචාර සඳහා තෝරා­ගත් ජන­ප්‍රි­ය­තම ගම­නාන්ත තුන අත­රට ශ්‍රී ලංකාව ද එක්ව තිබේ. ලොව විශා­ල­තම ජාත්‍ය­න්තර ගුවන් සේවය වන එමි­රේට්ස්හි නව­තව ගුවන් ටිකට් පත් වෙන් කරවා ගැනීමේ දත්ත­ව­ලින් ඒ බව සනාථ වී ඇත.

ඒ අනුව ගුවන් ගමන් සඳහා ශ්‍රී ලංකාව සෙවීම් ප්‍රමා­ණය 32%කින් ඉහළ ගොස් ඇතැයි එම දත්ත මඟින් පැහැ­දිලි වී තිබේ.

පොහො­සත් සංස්කෘ­තික වටි­නා­ක­මක්, පිරි­සුදු වෙරළ තීර­යන්, තේ වතු හා සාධා­රණ මිලට ලබා­ගත හැකි සුඛෝ­ප­භෝගී අත්දැ­කීම් සඳහා ශ්‍රී ලංකාව පැහැ­දි­ලි­වම ප්‍රිය­තම ගම­නා­න්ත­යක් බවට පත්ව ඇතැයි ගුවන් සමා­ගම පව­සයි.

මෙවර ගිම්හා­න­යේදී ජාත්‍ය­න්තර සංචාර තෝරා­ගැ­නීම් ඉතා ඉහළ මට්ට­ම­කට ළඟා වෙමින් ඇති අව­ස්ථා­වක ගුවන් ගමන් ප්‍රවේශ පත්‍ර වෙන් කිරීමේ දත්ත හා ඒ සම්බන්ධ සෙවුම් රට පිළි­බ­ඳව එමි­රේට්හි නව­තම විශ්ලේ­ෂණ ප්‍රති­ඵල මඟින් ජූලි හා අගෝස්තු මාස­ව­ලදී සංචා­ර­ක­යන් යෑමට අද­හස් කරන ගම­නාන්ත පිළි­බ­ඳව තොර­තුරු හෙළි කර ගනු ලබයි.

මෙවර ගිම්හා­නයේ සංචාර සඳහා ගුවන් ගමන් සෙවීම පසු­ගිය වස­රට සාපේ­ක්ෂව 7%කින් ඉහළ ගොස් ඇත. වෙනත් රට­ව­ලට යන සංචා­ර­වල සෙවීම කැපී­පෙ­නෙන ලෙස 35%කින් වැඩි වී තිබේ. සෙවීම් අතින් පළමු තැන ප්‍රංශ­ය­ටත් දෙවැනි තැන අය­ර්ල­න්ත­ය­ටත් හිමිව ඇත. ඉන්පසු කැන­ඩාව සහ සෞදි ආරා­බිය පිළි­වෙ­ළින් සිටිති. එමෙන්ම ජර්ම­නිය හා එක්සත් අරාබි එමීර් රාජ්‍ය­යද සංචා­රක ගමන් ඉල්ලු­මක් පෙන්වා තිබේ.

එමෙන්ම මෙවර ගිම්හා­නයේ සංචා­රක ගම­නාන්ත අත­රින් ඉහ­ළම තෝරා­ගැ­නීම ලෙස විය­ට්නා­මය ද ඉදි­රි­යට පැමිණ තිබේ. ඊට ඇති ඉල්ලුම සිය­යට 61කින් ඉහළ ගොස් ඇත. මුරුසි දූපත් රාජ්‍යය ද 41%ක සෙවීම් ප්‍රමා­ණ­ය­කින් ඉහළ ගොස් ඇත.